Ceylon Tea Village 500

Ceylon Tea Village 500″ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භය ඌවපරණගම ලකිලැන්ඩ් වතුයායේදී

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “Ceylon Tea Village 500” ජාතික වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක උළෙල අද (15) ඌවපරණගම ප්‍රදේශයේ ලකිලැන්ඩ් වතුයායේදී ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතාගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පුනරුදය උදෙසා 2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

වැඩසටහනට සමගාමීව ලකිලැන්ඩ් වතුයාය සංචාරක ආකර්ෂණීය කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ද ආරම්භ කෙරුණු අතර, තේ දළු නෙලීමේ තරගයක් සහ තේ කර්මාන්තය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර , සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, , ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රදේශවාසී ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වූහ

Photo Credit – @Governor’s media Division – Uva Province

Leave a Reply

Your email address will not be published. Required fields are marked *