ඌව පළාතේ පාසල් 264ක් සඳහා විෂයානුබද්ධ ඉගෙනුම් උපකරණ බෙදාදීම

ඌව පළාතේ පාසල් 264කට විෂයානුබද්ධ ඉගෙනුම් උපකරණ බෙදාදීමේ උත්සවයක් පසුගිය 07 වනදා ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණී.

ඌව පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 6ක මුදලකින් පාසල් සඳහා නැටුම් උපකරණ, සංගීත උපකරණ, ගෘහවිද්‍යා උපකරණ සහ
ප්‍රාථමික ඉගෙනුම් උපකරණ මෙහිදි බෙදා දීම සිදුවිය.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම උපකරණ පාසල් සදහා ලබාදීම සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍ය පෞද්ගලික ලේකම් වසන්ත ජයලත්, පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජේරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පියදාස රත්නායක,
පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු නිලධාරින් හා උපකරණ ලබාගැනීමට පැමිණි විදුහල්පතිවරුන් පිරිසක් එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *