ගැමිලිය විස්කම් ප්‍රදර්ශනය හා නිර්මාණ දැක්ම 2018

ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව වර්ෂික පවත්වන ගැමිලිය විස්කම් ප්‍රදර්ශනය හා නිර්මාණ දැක්ම
ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්විය.
මෙහිදි 2018 වසරේදි ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු පාඨමාලාවන් හැදැරු තරුණ තරුණියන්
600ක් අතින් නිර්මාණය වු නව නිර්මාණ ප්‍රදර්ශනය කෙරිණ.
විසිතුරු භාණ්ඩ,බතික් නිර්මාණ,ගෘහ උපකරණ,ස්වභාවික සම්පත් වලින් කළ නිර්මාණ,මෝස්තර,ආහාර සැකසීම,
ඇතුලු පාඨමාලාවන් හැදැරු සිසු සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්විය.
මෙහි විශේෂත්වයක් වශයෙන් වසරක් පුරා රුපලාවන්‍ය ශිල්පය හැදැරු යෞවනියන් අතින් හැඩගැන්වු මනාලියන්
දැක්මක් පැවැත්විය.
පාඨමාලාවන් හැදැරු සියලුම සිසු සිසුවියන්ට සහතිකපත්‍ර ප්‍රධානය කිරීමක්ද සිදුවිය.
ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා විනීතා දිසානායක මහත්මිය ඇතුලු නිළධාරීන්
සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ඌව ආණ්ඩුකාර ආරිය බී රැකව,ප්‍රධාන ඇමති චාමර
සම්පත් දසනායක,ග්‍රාමසංවර්ධන ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්ම්ය ඇතුලු පිරිසක් සහභාගිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *