බණ්ඩාරවෙල කිරි නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ නව කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කෙරේ
ඊයේ (13) දින සීමා සහිත බණ්ඩාරවෙල කිරි නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ නව කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය පැවැත් වූ අතර, එම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා සහභාගී විය.
දේශීය කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම, කිරි නිෂ්පාදක ගොවි ජනතාවගේ ආදායම් මාර්ග පුළුල් කිරීම සහ ගුණාත්මක කිරි ආශ්‍රිත නිෂ්පාදන ජනතාව වෙත ලබාදීම අරමුණු කරගනිමින් මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, මෙවැනි ව්‍යාපෘති ඌව පළාතේ කිරි කර්මාන්තයේ ඉදිරි සංවර්ධනය සඳහා වැදගත් පියවරක් වන අතර, සමුපකාර ව්‍යාපාරය තුළින් දේශීය නිෂ්පාදනය, ස්වයංපෝෂිතභාවය සහ ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට මනා පිටුබලයක් සපයන බවයි.
එමෙන්ම මෙවැනි කර්මාන්ත ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම තුළින් කිරි නිෂ්පාදකයින්ට සාධාරණ වෙළඳපොළක් හිමිවීමත්, ඔවුන් සඳහා වඩාත් ස්ථාවර ආර්ථික පදනමක් ගොඩනැගීමටත් හැකියාව ලැබෙන බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, බණ්ඩාරවෙල කිරි නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය, කිරි නිෂ්පාදක මහත්ම මහත්මීන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.







