ඌවේ ඉඩම් පලපත්‍ර ලබාදීමට දායක වූ නිළධාරින් ඇගයේ

ඌව පළාතේ රජයේ හෝ සින්නක්කර ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති පුද්ගලයින් සදහා ඉඩම් බලපත්‍ර 10000ක් ලබාදීමේ වැඩ සටහනට දායක වු ජනපද නිළධාරින් ඇගයිමට ලක්කර ඔවුන් සදහා ටැබ් පරිගණකයක් ලබාදිමේ වැඩ සටහනක් ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේදි ඊයේ (12) දින සිදුවිය.

පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව මගින් ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති සිටි පුද්ගලයින් 10536කට ඉතාම කෙටි කාලයකදි ඉඩම් ඔප්පු සකස්කරදීමට කැපවු නිළධාරින් මෙසේ ඇගයිමකට ලක්කෙරිණ.

මේ අනුව ඉඩම් ඔප්පු ලබාදෙන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ වශයෙන් රිදිමාලියද්ද-773, මහියංගනය-652, වැලිමඩ-679, ඌවපරණගම-140, බණ්ඩාරවෙළ-434, සොරණාතොට-338, මීගහකිවුල-289, හාලිඇල-232, ඇල්ල-130, හල්දුම්මුල්ල-205, හපුතලේ184, ලුණුගල-193, පස්සර-145, කන්දකැටිය-133, බදුල්ල-123, බඩල්කුඹුර-969, කතරගම-598, වැල්ලවාය-572, සියඹලාණ්ඩුව-560, බිබිල-520, තණමල්විල-462, මැදගම-449, බුත්තල-391, මොණරාගල-311, සෙවනගල-298, මඩුල්ල-756 ක ඔප්පු ප්‍රමාණයක් සකස්කර ඇත.

නිළධාරින් ඇගයිම වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහාගේ ප්‍රධානත්වයෙන් සිදුවු අතර මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් සුමිත් අබේනායක මහතා සහභාගිවිය.

ඌව පළාත් ඉඩම් කොමසාරිස් විජිතා මායාදුන්න මහත්මියගේ උපදෙස් මත නිළධාරින් විසින් මෙම ඉඩම් ඔප්පු සැකසීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *