“ක්ලීන් ශ්‍රීලංකා” බදුල්ල බස් නැවතුමෙන් අරඹයි
ක්ලීන් ශ්‍රී ලංකා බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩ සටහන 15 දින බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පොලේදී ආරම්භ විය.මෙහිදි බදුල්ල බස් නැවතුම්පොළ පවිත්‍ර කර කැඩී බිදි ගිය ස්ථාන නවීකරණය කරමින් තීන්ත ආලේප කිරීම සිදුවිය.
මෙම වැඩසටහන සදහා බදුල්ල මහ නගර සභාව, ලංගම ඩිපෝව, පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ඌව පළාත් සභාව ඇතුළු බදුල්ල නගරයේ සියලුම රාජ්‍ය හා පුද්ගලික ආයතන එක්විය.
15 දින සහ 16 දින දෙකේදීම බස් නැවතුම පවිත්‍ර කිරීම සිදුවූ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඇතුළු නිළධාරින් විසින් සංවිධානය කළ මෙම වැඩ සටහනේ සමාරම්භක අවස්ථාවට වැවලි කටයුතු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, මන්ත්‍රි දිනිදු සමන් ඇතුළු පිරිසක් සහභාගි විය.








