ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය 2018
ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය 2018.05.15 දින උදේ බදුල්ලේ පිහිටි ඌව පළාත් රණවිරු ස්මාරකය අසලදී පැවැත්විය.
ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රණවිරු අනුස්මරණ කමිටුව සංවිධානය කළ සැමරුම් උත්සවය ආණ්ඩුකාර පී.බී දිසානායක හා ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම අවස්ථාවට රණවිරු පවුල් වල සාමාජිකයින් දහසක් පමණ දෙනා පැමිණ රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීය.
මෙහිදි පැමිණසිටි ආණ්ඩුකාර පී.බී දිසානායක,ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක, ඌව පළාත් සභාවේ මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්,ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ඇතුලු ආරාධිතයින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය.