75 වන ජාතික නිදහස් දිනය හා නවම් පෝය දිනය නිමිත්තෙන් පළාත් සභාවේ ධර්ම දේශනාවක්

75 වන ජාතික නිදහස් දිනය හා නවම් පෝය දිනය නිමිති කරගෙන ඌව පළාත් සභාවේ ආදායම් දෙපාර්තමේන්තුව සංවිධානය කළ ධර්ම දේශනාව 03 දින උදේ පළාත් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වීය.

ඌව පළාතේ මෙන්ම සමස්ථ ශ්‍රී ලංකා වාසීන්ට කරදර අසහනකාරි තත්වයන් දුරුවී සෞභාග්‍යමත් කාලයක් උදාවේවා යැයි කියා සෙත් පැතීමත් මෙහිදි සිදුවු අතර පළාත් සභාවේ නිළධාරින් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි සිටියහ.

පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී.ජී ගමගේ මහතාගේ සංකල්පයක් මත එම දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ සංවිධානයෙන් ධර්ම දේශනාව පැවැත්වු අතර ඉදිරියේදි සෑම පුර පසළොස්වක පොහොය දිනට පෙර වැඩ කරන දිනයකදි මෙවැනි ධර්ම දේශනාවන් මෙහිදි පැවැත්වීමට ද කටයුතු කර තිබේ.

පොල්වත්ත ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ විහාරවාසී ,මීගහකිවුල ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති ධර්ම දේශකයාණන් වහන්සේ වන තල්දෙන ධම්මදින්න හිමියන් විසින් ධර්ම දේශනාව පැවැත්වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *