“දෙටු පුරවැසි අභිමානී” පළාත් වැඩිහිටි දින සැමරුම් උළෙල

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමිව ඌව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ “දෙටු පුරවැසි අභිමානි” ජේෂ්ඨ පුරවැසියන්ගේ දක්ෂතා එළිදැක්වීමේ වැඩසටහනක් බදුල්ල පුරහලේදි 19 දින පැවැත්විය.


මෙහිදි ඌව පළාතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 26ම නියෝජනය වන අයුරින් පිහිටුවා ඇති ජේෂ්ඨ පුරවැසි කමිටු හරහා තෝරාගත් පුරවැසියන් විසින් දේශිය අමුදව්‍ය යොදාගෙන ගුණාත්ම සහ පෝෂණ බවින් ඉහළ ආහාර සැකසීමේ වැඩ සටහනක් සහ අත්කම් නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැඩ සටහනක් පැවැත්විය. පැය කිහිපයක් තුළදි ජේෂ්ඨ පුරවැසියන් මෙහිදි ආහාර සැකසීම සහ නිර්මාණ ඉදිපත් කිරීමේ තරගයකට සහභාගි වු අතර ඒයින් ජය ලැබු අයට සහතික ප්‍රධානයක් සිදුවිය.


ඌව පළාත් සමාජසේවා අධ්‍යක්ෂිකා එන්.එල්.එස් පියුමිලා මහත්මියගේ උපදෙස් මත නිලධාරීන් සංවිධානය කළ “දෙටු පුරවැසි අභිමානි” වැඩ සටහනට ප්‍රදාන ආරාධිතයා ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ජේ.ඒම් කපිල ජයසේකර මහතා ඇතුළු පළාත් සභාවේ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඇතුළු නිළධාරීන් සහභාාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *