ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල – 2025
2025 සිංහල හා දෙමළ ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවය බදුල්ල පුස්තතකාල ශ්‍රවනාගාරයේදි ඊයේ 29 දින පැවැත්විය.
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සංවිධානයෙන් පළාතේ පාසල් හා විවෘත්ත තරග අංශ යටතේ සිංහල හා දමිල නිර්මාණකරුවන් ඉදිරිපත් කළ නිර්මාණ අතරින් තේරිපත්වු නිර්මාණ ඇගයීමට ලක්කරමින් සම්මාන, සහහික හා මුදල් තෑගි ප්‍රධානය කිරීම සිදුවිය.
සාහිත්‍ය තරගාවලියට විවෘත්ත හා පාසල් අංශය නියෝජනය කරමින් නිර්මාණකරුවන් කෙටි කතා, නව කතා, චිත්‍ර, සාහිත්‍ය ග්‍රන්ථ, ළමා කතා, ශ්‍රාස්තීය, ග්‍රන්ථ, ගීත, පරිවර්තන, විද්‍ය ප්‍රබන්ද, ඡායාරූප, කාව්‍ය, නාට්‍ය ඇතුළු නිර්මාණ රැසක් ඉදිරිපත් කර තිබුණු අතර සෑම අංශයකින්ම තෝරාගත් පළමු, දෙවන හා තෙවන ස්ථාන සහ විශේෂ කුසලතා සහ කුසලතා ඇගයිමට ලක්කර තිබේ.
ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති නිශ්ශංක විජේමාන්න මහතා සහ එහි අධ්‍යක්ෂ අසිත සදරුවන් ජයසුරිය මහතා ඇතුළු නිළධාරීන් සංවිධානය කළ පළාත් රාජ්‍ය සාහිත්‍ය උත්සවයට ආරාධිතයින් ලෙස උව පළාත් ආණ්ඩුකාරවර නිතිඥ කපිල ජයසේකර මහතා,වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය.












